Type Here to Get Search Results !

ශ‍්‍රී ලංකාවේ ඉන්ධන ඇණැවුම් බාරගන්න සැපයුම්කරුවන් බෑ කියනවා..! ටික දිනකින් ලෙබනනයේ තත්වයට…!


දැනට පවතින බරපතළ ආර්ථික අර්බුදයේ හේතුවෙන් ශ්‍රී ලංකාව තවත් මාස කිහිපයක් තුල ලෙබනනයේ තත්ත්වයට පත්වනු ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

බොරු ආර්ථික වර්ධනයක් සම්බන්ධයෙන් රජය මොනතරම් මවාපෑම් කරමින් චිත්‍රයක් රටට පෙන්නුවද ඉන්ධන සඳහා පමණක් ගෙවිය යුතු මුදල් මාස ගණන් නොවීමෙන් නිසා ඉන්ධන සැපයුම් කරුවන් ශ්‍රී ලංකාවේ ඉන්ධන ඇණවුම් භාර නොගන්නා තත්ත්වයට පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

රජයේ ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ඇතැම් ප්‍රබල වාණිජ සමාගම් බංකොලොත් වී ඇද වැටීමට ලක් වෙමින් ඇතැයි ද පැවසූ ඔහු ලාෆ් ගෑස් සමාගම ඊට හොඳම උදාහරණය බවද කියා සිටියේය.

ලාෆ් ගෑස් සමාගම බංකොලොත් වීමෙන් පසු මෙරට ගෑස් අලෙවි ඒකාධිකාරය කුප්‍රකට ජාවාරම්කරුවන් පිරිසක් අතට පත් වෙමින් ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads