Type Here to Get Search Results !

ලෝකයේ දිනක මරණ අනුපාතය 1.4%යි.. ලංකාවේ 5%යි.. තත්ත්වය ඉතා අවදානම්..


දෛනික ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට සාපේක්ෂව දෛනික ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව සියයට 1.4 ක් වැනි අඩු අගයක පැවතියද ශ්‍රී ලංකාවේ එම අගය සියයට 5ක් වැනි ඉහළ අගයක් ‌ගෙන තිබීම හරහා තත්ත්වය ඉතා අවදානම් බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

අගෝස්තු 11 හා 12 දින දෙක සැලකීමේදී ආසාදිතයින්ට සාපේක්ෂව කොවිඩ් මරණවල ප්‍රතිශතය මේ වනවිට සියයට 5ක් තරම් ඉහළ අගයක් ගෙන තිබේ.

අගෝස්තු 6 වනදා වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණයට අනුව එදින සිදුවී ඇති මරණ ප්‍රතිශතය සියයට 3.5 කි.

එම අගය 3.3ක්, 3.7ක්, 3.9ක්, 4.2ක් වශයෙන් ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කර ඇති බව මින් පැහැදිලි වෙයි.

ගෙවුණු දින 10 තුළ පමණක් මෙරට කොවිඩ් මරණ 1,130 ක් වාර්තා වී තිබේ. 

එය සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් පහෙන් එකක් වීම බරපතළ තත්ත්වයකි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads