Type Here to Get Search Results !

ජනතාව ඇදිරි නිතිය බිද දමති… වෙලදසැල් විවෘත කරති.. නගරවල රථ වාහන විශාල වශයෙන්..


කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ නිර්දේශ මත රජය විසින් ලබන මස (06) දින දක්වා නිරෝධායන ඇදිරි නිතිය පැනවුවද නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර කිහිපයකම නිරෝධායන ඇදිරි නිතිය ක්‍රියාත්මක නොවන ආකාරය අප කැමරාවේ සටහන් විය.

නුවරඑලිය , හැටන් , නොර්වුඩ් යන නගර වල ඇතැම් ව්‍යාපාරිකයන් වෙලදසැල් විවෘත කර ව්‍යාපාර කටයුතු සිදු කරන අතර , එම නගර වල විශාල වශයෙන් රථ වාහන ගාල් කර තැබෙන ආකාරයක්ද අප කැමරාවේ සටහන් විය.

එම නගර වල රාජකාරි කටයුතු සිදු කරන පොලිස් නිලධාරින්ද නිරෝධායන ඇදිරි නිතිය නිසි ලෙස පවත්වාගෙන නොයන ආකාරයක්ද දක්නට ලැබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads