කොවිඩ් මර්ධන එන්නතෙන් ලබාදෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යා හැකි බවට සැලකෙන නව කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන තිබෙනවා.
එය C.1.2 යනුවෙන් හැඳින්වෙන බවයි වාර්තා වන්නේ.
මෙය 2021 මැයි මාසයේ සිට එරට තුන්වන කොවිඩ් රැල්ලේදී හඳුනාගත් ප්‍රභේදයක් වනවා.
මෙම ප්‍රභේදය දැඩි විකෘති භාවයකින් යුක්ත කොවිඩ් ප්‍රභේදයක් බව විද්‍යාඥයින් සඳහන් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.