කොළඹ ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ඇතුළු තවත් ඉඩම් කිහිපයක් සඳහා ඕමාන සමාගමක් කැමැත්ත පළකර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් බොහෝ ප‍්‍රමාණයක් අවුරුදු 30-99 සදහා දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබා දීමට සූදානමින් සිටින බවත් ඒ සඳහා ආයෝජකයන් සොයමින් සිටින බව එම වාර්තාව සඳහන් කරයි.
කොළඹ බේරේ වැව ආසන්නයේ ඉඩම සම්බන්ධයෙන් කටාර් රාජ්‍ය සමාගමක් කැමැත්ත පළ කර තිබෙන බවද වාර්තාවේ දැක්වෙයි.