Type Here to Get Search Results !

ආණ්ඩු පක්‍ෂය බෙදේ..! KDU පනත කල් දමන බව චමල් දැනුම් දේ..!


කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත අනිද්දා දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවැසීය.

අද පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

මෙම පනත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට මෙන්ම ජනතාවටද තවදුරටත් අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය යැයි විශ්වාස කරන බවත් නිසා එදින කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ඔහු සඳහන් කළේය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ අදාළ පනත් කෙටුම්පතට සංශෝධන එක් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බවයි.

මේ අතර ඒ සම්බන්ධ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවති සාකච්ඡාව දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණි.

ආණ්ඩුවේම පාර්ශවයන් කිහිපයක් එම පනත් කෙටුම්පත විරෝධය පළකර ඇති අතර ඊට සංශෝධන එක් කළ යුතු බවද සඳහන් කර තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads