නාඩු සහල් කිලෝවක් දෙසැම්බර් මාසය පමණ වන විට රුපියල් 150 ඉක්මවනු ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
සහල් මිල පාලන ගැසට්ටුව ඉවත් කිරීමත් හේතුවෙන් සහල් මිල ඉහළ යාම වේගවත් වනු ඇතැයිද ඒ මහතා කියා සිටියි.
සහල් මිල පාලනයට පැණවූ හදිසි නීතිය හා හමුදා පාලනය අසාර්ථක වී ඇති බවත් හමුදාවට වෙළෙඳපොළ පරාජය කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.
සහල් පාලන මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.