Type Here to Get Search Results !

බෝපිටිය දේවස්ථානයට පැමිණි නාවික නිලධාරියෙක් කළ අනතුරු ඇඟවීම


අද (28) උදැසන නාවික හමුදා නිලධාරීන් පිරිසක් තම පල්ලියට පැමිණ අනතුරු ඇඟවීමක් සිදු කළ බව බෝපිටිය දේවස්ථානයේ ජයන්ත නිමල් පියතුමා පවසනවා.

නිලධාරීන් පල්ලියට පැමිණෙන අවස්ථාවේ ප්‍රධාන පියතුමා පල්ලියේ සිට නොමැති අතර, පල්ලියේ වැඩ කරන සේවකයන් පිරිසකට මේ සම්බන්ධව පියතුමා දැනුවත් කරන ලෙස දැනුම් දී තිබෙනවා.

පල්ලියට ප්‍රහාරයක් එල්ල කිරීමේ තර්ජනයක් පවතින බවත් ඒ පිළිබඳව අවධානෙන් සිටින ලෙසත් මෙලෙස දැනුම් දී තිබෙනවා.

එමෙන්ම පියතුමන්ලා මෙන් සරසී පල්ලියට පැමිණෙන අය හෝ නන්නාදුනන පුද්ගලයන්ව ඇතුලත් කර නොගන්නා මෙන් එහිදී පවසා තිබෙනවා.

නාවික හමුදා නිලධාරියාගේ දුරකථන අංකය ලබා දී ඇති අතර පියතුමන් ඔහුව ඇමතූ අවස්ථාවේ පවසා ඇත්තේ පල්ලි වලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සංඥාවක් ලැබී ඇති බවත් ඒ පිළිබඳව දැනුවත් කිරීමට පැමිණි බවත්ය.

නමුත් පියතුමන් පවසන්නේ අවට පල්ලි වලට දුරකථන ඇමතුම් දී විමසුවද ඔවුන්ව මෙසේ දැනුවත් කර නොමැති බවයි.

පියතුමන් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මේ පිළිබඳව අගරදගුරු ජේ. ඩී. ඇන්තනී හිමිපාණන්ගෙන් විමසීමක් කිරීමේදී ඔවුන් මේ පිළිබඳව දැනුවත් නොමැති බවත්, තවත් ඉහළ හමුදා නිදධරියෙක්ගෙන් විමසු විට ඔවුන්ට එසේ ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු ලැබී තිබෙන බව පැවසූ බවයි. 


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads