Type Here to Get Search Results !

වහාම තෙල් මිල වැඩි කරන්න.. ලීටරයක පාඩුව රුපියල් 30යි..- සිපෙට්කෝ යලි දන්වයි..


ඉක්මනින්ම ඉන්ධන ඉහල දැමිය යුතු බවට බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාගේ තෙල් සංස්ථාව විසින් යලිත් ඉල්ලීමක් කර තිබේ.

Samsung Phone එකට ලුමිනස් Tempered Glass එකක් නොමිලේ ගෙදරටම ගෙන්නවා ගන්න


ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා පවසන්නේ තමන් ඊයේ දිනයේ බලශක්ති අමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම සිදු කළ බවයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යාමත් සමග තෙල් සංස්ථාවේ පාඩුව ඉහළ යන නිසා එම ඉල්ලීම කළ බවද සභාපතිවරයා පැවසීය.

මෙම ඉල්ලීම පිළිබඳව සලකා රජය ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කරනු ඇතැයිද ඔහු සඳහන් කරයි.

මේ වන විටත් තෙල් සංස්ථාව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16ක් ඩීසල් ලීටර් එකක් රුපියල් 30ක පාඩුවක් ලබන බවත් ඉදිරියේදී ලෝක වෙලදපලේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ ගියහොත් පාඩුව තවත් ඉහල යන බවත් සභාපතිවරයා තව දුරටත් කියා සිටියේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads