Type Here to Get Search Results !

මට ගැහුවා..- ජානිපෙ මන්ත‍්‍රී…I මට ගැහුවා..- පොහොට්ටු මන්ත‍්‍රී… දෙපිරිසම පොලිසියේ..


නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් පියතිස්ස මහතා (18) දින නාවලපිටිය කැටබුලාව ප්‍රදේශයේ සහභාගි වු සංවර්ධන කමිටු රැස්විමකදි දේපාර්ශවයක් අතර ඇති වු ගැටුම සම්බන්දයෙන් දෙපාර්ශවයෙන් ලද පැමිණිලි මත විමර්ෂණයක් ආරම්භ කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
AliExpress.com Product - YOUNGCOME 50g/30g/10g Aloe Vera Face Cream කෝමාරිකා ජෙල් Oil Control Nourishing Whitening Hydrating Moisturizing Facial Skin Care

කැටබුලාව ප්‍රදේශයේ සංවර්ධන කටයුතු යෝජනා සම්බන්දයෙන් නුවරඑළිය දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියොජනය කරන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රි සහ කොත්මලේ ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපති නිමල් පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  රැස්විම පවත්වා ඇත.

එම රැස්විමට කොත්මලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි චාමර සුභාශිත ද සිල්වා මහතා ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නියෝජනය කරමින් අධාරකරුවන් පිරිසක්ද සහභාගි වි ඇත.

එම රැස්විමේදි චාමර සුභාශිත ද සිල්වා මන්ත්‍රිවරයා ගෙන ආ සංවර්ධන  යෝජනාවකට සංවර්ධන කමිටු සභාපති වරයා විරුද්ද විමත් සමග දේපාර්ශවය අතර උණුසුම් තත්වයක් ඇති වි පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වි ඇත.

ගැටුමෙන් තුවාල ලැබු පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් පියතිස්ස මහතාගේ අධාර කරුවෙකු වන කොත්මලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයෙකු වන සිසිර නාමල් මහතා තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

සිද්දිය සම්බන්දයෙන් අදහස් දක්වන නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් පියතිස්ස මහතා කියා සිටින්නේ ,

ගම සමග පිලිසදරක් ව්‍යාපෘතියට සමගාමිව ජනාධිපතිවරයාගේ ඉල්ලිමක් මත සංවර්ධන කමිටු සභාපති වරයා වශයෙන් නාවලපිටය කැටබුලාව ප්‍රදේශයට ගොස් සංවර්ධන යෝජනා සම්බන්දයෙන් රැස්විමක් පැවැත්වු බවත් එම රැස්විමට එම වසම නියෝජනය නොකරන කොත්මලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි චාමර සුභාශිත ද සිල්වා මහතා පැමිණ කළහාකාරි ලෙස හැසිරි තමන් ඇතුළු එම රැස්විමට සහභාගි වු පිරිසට පහර දුන් බවයි.

එම ගැටුමෙන් තම අධාර කරුවෙකු වන ප්‍රාදේශිය සභා මන්ත්‍රි සිසිර නාමල් මහතා තුවාල ලබා නාවලපිටිය මහ රෝහල වෙත ඇතුලත් කර බවත් සිද්දිය සම්බන්දයෙන් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමාත්‍යය සි. බි රත්නායක මහතාද දැනුවත් කල බවයි.

ගැටුම සම්බන්දයෙන් අප කොත්මලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි චාමර සුභාශිත ද සිල්වා මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ ,කැටබුලාව වසමේ තමන් පදිංචිි බවත් එම වසමද සංවර්ධන කටයුතු වලදි නි‍යොජනය කිරිමට කොත්මලේ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා තමන්ට බලය පවරා ඇති බවයි.

එම රැස්විමේදි තමන් යෝජනා කල සංවර්ධන කටයුතු කිහිපයකට සංවර්ධන කමිටු සභාපතිවරයා විරුද්ද වු බවත් තමන්ට අදහස් ප්‍රකාශ කිරිමට අවස්ථාව ලබා නොදිම හේතුවෙන් රැස්විම තුල නොසන්සුන් කාරි තත්වයක් ඇති වි එය ගැටුම්කාරි තත්වයක් දක්වා වර්ධනය වු බවත් නිමල් පියතිස්ස මහතා කොත්මලේ ප්‍රදේශයේ සංවර්ධන කමිටු සභාපති වරයා මිස ආසන සංවිධායක වරයා නොවන බවද චාමර සුභාශිත ද සිල්වා මහතා කියා සිටිහ .

– හැටන් රංජිත් රාජපක්ෂ


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads