Type Here to Get Search Results !

දැඩි අවධානම් තත්ත්වයක්,ඔමික්‍රෝන් රෝගියෙකු ඇගලුම්කම්හලේ සිට බසයෙනුත් ඇවිත්..


වැලිවේරිය ප්‍රදේශයෙන් කොරෝනා ඔමික්‍රොන් වයිරසය ආසාදිතයන් දෙදෙනකු හමුව ඇති බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරනවා.

සාමාජිකයන් පස් දෙනකුගෙන් යුත් පවුලක 50 හැවිරිදි පියා සහ 25 හැවිරිදි දියණියකට ඇතිවූ රෝග ලක්ෂණ මත සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයට අනුව කොරෝනා ඔමික්‍රොන් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවයි ,මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිහාල් ගමගේ මහතා පැවසුවේ.

එම පවුලේ මව, මිත්තනිය සහ දියණියකටද රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත සියලුම දෙනා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

ඔමික්‍රොන් වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇති පවුලේ පියාට සහ දියණියට රෝගය වැළඳී ඇති ආකාරයක් නොදන්නා බවත් එම දෙදෙනාම සීදූව ප්‍රදේශයේ පෞද්ගලික ආයතන දෙකක සේවය කරන බවත් අනාවරණයවී ඇති අතර ඔවුන් බස්රථවලින් ගමන් ගෙන ඇත.

එම තරුණිය සීදූව ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්තශාලාවක සේවය කරන්නියක් බවද අනාවරණයවී තිබේ.

දැනට රෝග තත්ත්වයෙන් පසුවන්නවුන්ගේ වැලිවේරියෙහි නිවසට පැමිණ ඇති බව කියන ඔවුන්ගේ ගම්පහ ප්‍රදේශයේ ඥාති පවුලක සාමාජිකයන් තිදෙනකුටද කොරෝනා රෝග ලක්ෂණ පවතින බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads