පඩි වැඩි කරන ලෙස ඉල්ලමින් කරන උද්ඝෝෂණ රජය අනිවාර්යෙන්ම මර්ධනය කළ යුතු බවත් ලෝකයම අර්බුදයකට පත්ව තිබෙන මේ අවස්ථාව පඩි අඩු කළ යුතු බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසීය.
පඩි වැඩිකිරීම වැනි නීතිවිරෝධී ඉල්ලීම්වලට ඉදිරියට ඒමට ඉඩ නොතැබිය යුතු බව කී එස්. බී. දිසානායක මහතා කිසිවක් නොතකා එවැනි ඉල්ලීම් ඉදිරියට එනවා නම් වාහාම නැවැත්වීම ඉතාම යෝග්‍යය බව ද සඳහන් කළේය.
බි්‍රතාන්‍ය සහ ඇමරිකාව සේවකයන් මාරුවෙන් මාරුවට කැඳවීම් කරමින් සේවයට වාර්තා නොකරන සේවකයන්ට වැටුපෙන් සියයට 40 ක් පමණක් ගෙවුවද ශ්‍රී ලංකාවේ කවදාවත් වැටුප් අඩු නොකළ බවත් බි්‍රතාන්‍ය සහ ඇමරිකාව වැටුප් කප්පාදු කළ ද සේවකයන් උද්ඝෝෂණය නොකළ බවත් දිසානායක මහතා සඳහන් කළේය.