Type Here to Get Search Results !

ඩොලර් නෑ.. ඖෂධ හිගයක්..- SPC දැනුම් දේ…


ඩොලර් හිගතාවය නිසා අත්‍යවශ්‍ය ඖෂධ රැසක් ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අනතුරු අඟවා ඇත්තේ ඉදිරි මාස තුන හතර ඇතුළත රජයේ රෝහල්වල ඖෂධ සහ ශල්‍යාගාරවල භාවිතා කරන ද්‍රව්‍ය හිගයක් ඇති වීමේ අවදානමක් ඇති වී තිබෙන බවයි.

මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ වරයා විසින් ඖෂධ නිශ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමිනි.

දැනටමත් ණය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ණයවර ලිපි 72කට ගෙවීම් කළ නොහැකි වී ඇතැයි ද සමහර ණයවර ලිපි කාලය ඉක්ම වා ඇති බවත් එම ලිපිය මගින් දැනුම් දී ඇත.

දැනටමත් තම ගබඩා වල ඖෂධ පවතින්නේ එදා ඉතා අඩු මට්ටමක බව ද නීතිගත සංස්ථාව පෙන්වාදී තිබේ.

ඉදිරි මාස කිහිපය තුළ එම තොග අවසන් වීමේ අවදානම මග හැරීමට හැකියාවක් නොමැති බව ද එම ලිපියේ සඳහන්ව ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads