එක්දින තරගාවලියක් සදහා ලංකාවට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායමට අසීරු අවස්ථාවකට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වේ.
ඒ එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ලාල්චාන්ද් රාජ්පුත් හට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමය.
ඊයේ ලංකාවට පැමිණි කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ට කටුනායකදී පීසීආර් පරීක්ෂණ සිදු කොට ඇති අතර එහිදී මේ බව තහවුරු වී තිබේ.
කෙසේවෙතත් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් පීසීආර් පරීක්ෂණවලින් සමත්ව ඇති බවද වාර්තා වේ.