Type Here to Get Search Results !

එම්බාම් කරන ෆෝමලින් ඉවරයි.. ගේන්න ඩොලර් නෑ.. සියළු අවමගුල් පැය 24න් කරන්න වෙයි..


මෙරටට බලපා ඇති විදේශ විනිමය අර්බුදය මත ඉදිරියේදී රට පුරා ෆෝමලින් හිග වීමේ අවදානමක් ඇතැයි මල් ශාලා හිමියෝ සඳහන් කරති.

දැනට රට තුළ පවතින්නේ මසකට ප්‍රමාණවත් තරමේ ෆෝමලින් ප්‍රමාණයක් බව ද පෙන්වා දෙන ඔවුන් මේ හේතුවෙන් ඉදිරියේ දී මල්ශාලා කර්මාන්තය ද ගැටලු සහගත තත්වයකට පත් වනු ඇතැයිද කියා සිටී.

ෆෝමලින් ආනයනය කරන්නේ ඉන්දියාව සහ පාකිස්ථානය වැනි රටවලින් වන අතර රජය විසින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලෙස ආහාර ඉන්ධන සඳහා ඩොලර් ලබාදීමේ මූලිකත්වය මත ෆෝමලින් ආනයනය ඇනහිට ඇතැයිද ඔවුන් කියා සිටිති.

මෘත ශරීර එම්බාම් කිරීම සඳහා පෝමලින් හැර වෙනත් විකල්ප ද්‍රව්‍යයක් නොමැති නිසා මසක් වැනි කාලයක් ඇතුළත ෆෝමලින් ගෙන්වීමට නොහැකි වුවහොත් මෘත ශරීර එම්බාම් කිරීමක් නොකර පැය විසි හතරක් තුළ අවමංගල උත්සව අවසන් කිරීමට හැර මෘතදේහ කල්තබා ගැනීමේ හැකියාවක් නැතැයි ද ඔවුන් පවසති.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads