එකඟතාවන් මත පනවාගත් සටන් විරාමය යුක්‍රේන හමුදාවල අණුවන ක්‍රියා වලින් කඩ වූ බවත්, මින් ඉදිරියට යුක්‍රේනයේ අනාගතය පිළිබඳ විශ්වාසයක් නොතබන ලෙසත් රුසියානු ජනාධිපති විලැඩිමීර් පුටීන් ප්‍රකාශ කර ඇත.
මෙම ප්‍රකාශය මෙතෙක් යුක්‍රේන යුධ ගැටුමේදී පුටින් විසින් සිදුකල දැවැන්තම සහ දරුණුම ප්‍රකාශය බව විදෙස් මාධ්‍ය පවසයි.
මේවනවිට යුක්‍රේන වැසියන් මිලියන 1.5ක් රටින් පිට කිරීමට හැකි වී ඇති බවත්, තවදුරටත් ප්‍රහාර තීව්‍ර කිරීමට බලාපොරොත්තු වන බවත් යුක්‍රේනය වෙත ආයුධ සපයන රටවල් පිළිබඳ තමා අවධානයෙන් සිට්න බවත් රුසියානු ජනපති වැඩිදුරටත් පවසා ඇත.
එමෙන්ම මේ වන විට රුසියාවේ අභ්‍යන්තර තත්වය කිසිඳු මාධ්‍යයකින් පිටතට නොයන පරිදි, ලෝක මාධ්‍ය ඇතුළු සියළුම සමාජ මාධ්‍ය වලට වාරණයක් සහ නීති පද්ධතියක් යොදමින් නවතා ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.