Type Here to Get Search Results !

ශෙඩ් ලඟින් යද්දි බයයි මිනිස්සු ගහයි කියලා.. ජනතාවට මේ ආන්ඩුව දැන් තිත්ත වෙලා..


ඉන්ධන පිරවුම් හල් අසලින් යන විට ජනතාව පහර දේවි යැයි තමන්ට බිය සිතෙන බව ‍පොහොට්ටුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පවසා තිබෙනවා.

“ඉන්ධන ප‍්‍රශ්නය අද මුළු ශ්‍රී ලංකාවටම බලපාලා තියෙනවා.පෙට්‍රල් ෂෙඩ් ළගින් යනකොට මම මූණ වහගන්නවා. කවුරු හරි ගහයි කියලා, මම ඩ‍්‍රයිවර්ට කියනවා ඉක්මනට යමු කියලා. එවැනි තත්වයක් ඇති වෙලා තියෙන්නේ.

ජනතාවට මේ ආණ්ඩුව තිත්ත වෙලා තමයි තියෙන්නේ. මමත් වසර 12ක් දේශපාලන කරලා ඉතුරු වුණේ කලකිරීම විතරයි” යනුවෙන් මන්ත්‍රීවරිය පවසනවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads