Type Here to Get Search Results !

මහින්දානන්ද පහර දී අයෙක් රෝහලේ…


හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා පහරදුන් බව කියන පුද්ගලයෙකු ගම්පොල රෝහලට ඇතුළත් වී තිබේ.

නාවලපිටිය වැටකෙදෙණිය ප්‍රදේශයේ සමගි ජන බලවේගය ක්‍රියාකාරිකයෙකු මෙසේ රෝහල් ගත වී ඇත.

එම පහර වෙලා සම්බන්ධයෙන් ඔහු සහ ඔහුගේ බිරිඳ පොලිසියට පැමිණිලි කර තිබේ.

ප‍්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට හිටපු අමාත්‍යවරයා සහභාගී වී යන අතර තමා හා සැමියා පවත්වාගෙන යන වෙළෙඳසලට පැමිණ මෙම පහරදීම සිදුකළ බවද පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වෙයි.

සමගි ජන බලවේගය දේශපාලන කටයුතුවල නිරතවීම නිසා මෙසේ පහර දුන් බවත් මීට පෙර අවස්ථාවකදී ද අමාත්‍යවරයාගේ ආධාරකරුවන් තමාට පහර දී ඇති බවත් ඔහු සඳහන් කරයි.

කෙසේවෙතත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරන්නේ තමන් මෙවන් පහරදීමක් සිදු නොකළ බවය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads