Type Here to Get Search Results !

සංචිත අවසන් වෙමින්.. දැවැන්ත ඉන්ධන හිගයක්..


ඉදිරි දින කිහිපය තුළ නැවත වතාවක් ඉන්ධනහල් ආශ්‍රිතව දැවැන්ත ඉන්ධන හිගයක් නිර්මාණය වෙනු ඇතැයි ඉතිරි සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටියි.

විශේෂයෙන් ඉදිරියේ මෙසේ ඩීසල් හිගයක් වෙතැයි ද එම ආරංචි මාර්ග පැවසීය.

දැනට පවතින ඉන්ධන හිඟයට හේතු වී ඇත්තේ ඉන්ධන ප්‍රවාහන බවුසර රථ හිමියන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයයි.

නමුත් ඇති වීමට නියමිත ඉන්ධන හිගයට හේතු වන්නේ ඉන්ධන ආනයනය ඩීසල් නෞකාවක් මෙරටට පැමිණෙන තුරු පවතින ඩීසල් සංචිත ප්‍රමාණවත් නොවීමයි.

තාප විදුලි බලාගාර සඳහා ද ඉන්ධන සැපයිය යුතු නිසා ප්‍රවාහන කටයුතු සඳහා ඩීසල් ලබා ගැනීමේ දී මෙම අර්බුදකාරී තත්ත්වය ඇති වීමට නියමිතය.

නැවත ඩීසල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ දෙසතියකට ආසන්න කාලයකිනි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads