තේ වගාව සදහා යොදන යුරියා අඩංගු රසායනික පොහොර වසරක පමණ කාලයක සිට නොමැති කම හේතුවෙන් තේ වගාවන් සදහා කොමිපෝස්ටි පොහොර යෙදු නමුත් තේවගාවන්වල පොහොර යෙදු පාටක්වත් පෙනෙන්නට නොමැති බවත් කොමිපෝස්ටි පොහොර යනු දිරාපත් වු කුණු ගොඩක් පමණක් බවද බලන්ගොඩ ප්‍රදේශයේ කුඩා තේ ගොවිහුු පෙන්වා දෙති.
රසායනික පොහොර නොමැති කම හේතුවෙන් තේ වගාවට කොමිපෝස්ටි පොහොර හෙවත් කාබනික පොහොර යොදා වසරකට ආසන්න කාලයක් ගත වුවද එයින් අස්වැන්න වැඩිවිමක් හෝ තේ පදුරැ වර්ධනය විමක් සිදු නොවුණු බවද තේ වතු හිමියන් සදහන් කරති.
කොමිපෝස්ටි පොහොර සදහා වැය කල මුදලට සරිලන ආදායමක්වත් ලබා ගැනිමට නොහැකි වු බවද කොමිපෝස්ටි පොහොර වලින් හමන අධික දුර්ගන්ධය පමක් ඉතිරි වු බව ඔවුහු පෙන්වා දෙති.
තේ වගාවන් වලට තව මාස කිහිපක් රසායනික පොහොර යෙදිම සිදු නොකල හොත් තේ වගාවන් සමිපුරණයෙන්ම වඳ වි යන තත්ත්වයට තත්ත්වය බරපතල වි ඇතැයි ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් පෙන්වා දෙති.