Type Here to Get Search Results !

කුසගින්නේ පාසැල් එන සිසුන් ප්‍රමාණය ඉහලට..


පාසල් වලට කුසගින්නේ පැමිණෙන සිසුන් ප්‍රමාණය ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පති වරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති සුජීව විමලරත්න මහතා පෙන්වා දෙන්නේ පාසල් මූලික කර ගනිමින් පැවති පෝෂණ වැඩ පවා මේ වන විට ඇණ හිට ඇති බවයි.

පොත් පත් විශාල ලෙස මිල ඉහළ යාම, සපත්තු මිල ඉහළ යාම, නිල ඇඳුම් මිල 200% කින් ඉහළ ගොස් තිබෙන බවත් ආහාර මිල ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

ඇතැම් සිසුන් උදෑසන පාසල් රැස්වීමේ දී ක්ලාන්ත වී බිම ඇද වැටෙන තත්වයක් ඇතිවී තිබෙන බවත් ඔවුන්ගෙන් විමසීමේ දී උදෑසන ආහාරය ගෙන නොමැති බව හෙළි වන බවත් සභාපතිවරයා තවදුරටත් පැවසීය.

මීට පෙර කුසගින්නේ පාසලට පැමිණෙන සිසුන් හතර පස් දෙනකු පන්තියක සිටි බවත් නමුත් මේ වන විට එම ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් පැවසූ ඔහු එයට හේතු වී ඇත්තේ පවතින ආර්ථික අර්බුදයෙන් දෙමාපියන්ට දරුවන්ට ආහාර වේලක් ලබා දීමට නොහැකි වීම බවද ඔහු තවදුරටත් පැවසීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads