Type Here to Get Search Results !

ටැංකියෙන් ඉන්ධන අදී.. විකුණයි.. යලි පෝලිමේ.. මහ දවාලේ ජාවාරම්.. පෝලිම නිම නොවෙයි…


ඉන්දන හල්වලින් කැන්වලට ප්‍රෙට්රල් ලබා නොදිමට පියවර ගැනිමත් සමග සමහර ත්‍රිරෝධ රථ හිමියන් තම ත්‍රිරෝධ රථවල තිබෙන ප්‍රෙට්රල් කැන්වලට ලබා ගෙන එම ත්‍රිරෝධ රථ සදහා ප්‍රෙට්රල් ලබා ගැනිමේ කූට වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරිමත් සමග පිරිසකට ඉන්ධන ලබා ගැනිමට නොහැකි තත්වයක් උදාවි ඇත.

ත්‍රිරෝධ රථවල තිබෙන ප්‍රෙට්රල් නැවත කැන්වලට ලබා ගෙන එම ත්‍රිරෝධ රථ සදහා යලි පෝලිමේ සිට ප්‍රෙට්රල් ලබා ගැනිමට පියවර ගැනිමත් සමග කඩිනමින් ඉන්දන හල්වල ප්‍රෙට්රල් නිම විමෙන් බොහෝ පිරිසකට අවශ්‍ය ප්‍රෙට්රල් ලබා ගැනිමට නොහැකි තත්වයක් උදාවි ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන රථ වාහන හිමියන් පවසනුයේ සමහර ත්‍රිරෝධ රථ හිමියන් මෙසේ ප්‍රෙට්රල් වැඩි පුර ලබා ගෙන වැඩි මිලට විකිනිමේ කූට ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් මෙම තත්වයන් මත බොහෝ පිරිසකට අවශ්‍ය ප්‍රෙට්රල් ලබා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත්ය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads