Type Here to Get Search Results !

බැසිල්ට බායි කියා පොහොට්ටු නවකයන් රනිල්ට සෙට්වෙයි..


 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඔහුට තවදුරටත් සහාය දැක්වීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පොදුජන පෙරමුණේ නවක මන්ත‍්‍රී පිරිස් අතර මෑතකදී පැවති සාකච්ඡාවලදී මේ පිළිබඳව කරුණු දැක්වීම් සිදු ව ඇත.

ඒ අනුව පක්‍ෂයේ සංවිධායක හිටපු ඇමත් බැසිල් රාජපක්ෂ මහතාට මෙම කරුණු දැන්විය යුතු බවට තීරණය කල බව එම සාකච්චාවන්ට එක්වූ නවක මන්ත‍්‍රීවරයෙක් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කලමණාකාරීත්වය නිසා පසුගිය වසර හා මේ වසරේ සංසන්දනය කිරීමේදී විශාල පරිවර්තනයක් රට තුළ සිදුව ඇති බව ද එම මන්ත්‍රීවරයා පැවසීය.

මෙම තත්ත්වයන් මත එළැෙඹන ජාතික මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂ හා එක්ව සන්ධානගතව තරග කළ යුතු බවට ද ඔවුන්ගේ අදහස් මතුව ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads