Type Here to Get Search Results !

ඉංජිනේරුවන් රට හැර යයි.. නොරොච්චෝල දුවන්න බෑ..


 මෙරට ජාතික විදුලි අවශ්‍යතාවයෙන් සියයට හතළිහකට අධික ප්‍රමාණයක් සපයන නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය ක‍්‍රියාත්මක කිරීමට ඉංජිනේරුවන් හිඟතාවයක් මතුව තිබේ.

මෙම බලාගාරයේ තුන්වෙනි ජනන යන්ත්‍රයේ මෙහෙයුම් ලබන නොවැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට මෙම පුහුණු ඉන්ජිනේරු හිගය දැඩිව බලපා ඇත.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් තුන්වන ජනන යන්ත්‍රය මේ වන විට ක්‍රියා විරහිත කර ඇති අතර එය නොවැම්බර් මස දී යළි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

නමුත් එම කාලය වන විට බලාගාරයේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමට විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් ‍ප‍්‍රමාණය ප්‍රමාණවත් නොවන බව මේ වන විටත් දැනුම්දී තිබේ.

එම බලාගාරයේ විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු හතළිහක් අවම වශයෙන් සිටිය යුතුද මේ දක්වා සිටින්නේ 34 ක පමණ ප්‍රමාණයකි. සෙසු පිරිස මේ වන විටත් විදෙස්ගත වී ඇති අතර තවත් දහදෙනකු ඉදිරි මාස දෙක ඇතුළත විදෙස් ගත වීමට සූදානමින් සිටී.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads