Type Here to Get Search Results !

කසාදය කරලා පැය 12ක් යන්න කළින් දික්කසාදය..


 මංගල රාත්‍රියේදීම පමණට වඩා අවංකවීමට ගොස් මංගල්‍යයත්, මධු සමයත් යන දෙකම අහිමි කරගත් මනාල යුවළක් ගැන තොරතුරු බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ දිස්ත්‍රික්කයකින් අසන්නට ලැබෙනවා.

මනාලයා රජයේ සේවකයෙකු වූ විසි හය හැවිරිදි කඩවසම් තරුණයෙක්.

මනාලිය ඇඟලු‍ම් කම්හලක සේවය කළ අතර විසි හතර හැවිරිදි රූමත් තරුණියක් වුණා.

දෙදෙනාගේ හමුව යෝජනාවකට අනුව සිදුවුනු අතර “ඔයාට නම් ගොඩක් කෙල්ලෝ ඉන්නැති” යනුවෙන් කුළුපග බවින් පිරීගිය දිනෙක මිතුරු දොඩමළුවකදී මනාලිය කීවා.

“ඉස්කෝලේ යන කාලේ පොඩි සම්බන්ධයක් තිබුණා. ඒත් ඒක එච්චර දුරදිග ගියේ නෑ. ඊට පස්සෙ මට හම්බවුණ පළවෙනි කෙල්ල ඔයා තමයි.” මනාලයා පැවසුවා.

“ඇත්තමයි කියන්නේ මට නම් එක සම්බන්ධයක්වත් තිබුණෙම නෑ. කොල්ලොනම් පස්සෙන් ආවා. ඒත් ඒ එකකටවත් මම කැමැති වුණේ නෑ. මගේ “ෆස්ට් ලව් එක ඔයා” මනාලිය ආදරණීය ලීලාවෙන් කීවා.

දෙදෙනාගේම ප්‍රකාශ අවිශ්වාස කිරීමට දෙදෙනාටම අවශ්‍ය නොවුණු අතර ඒවා පරම සත්‍ය ලෙස දෙදෙනාම ඇඟවූවා.

නගරයේ ඉහලම ගනයේ සුවිසල් හෝටලයක මංගල උත්සවය ජයටම පැවැත්වීමෙන් අනතුරුව මධු සමය සඳහා නව යුවළ ගියේ සීත කඳුකර ප්‍රදේශයේ හෝටලයකටයි.

ජීවිතයේ පැතුම් ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වීම ගැන දෙදෙනාටම අප්‍රමාණ ප්‍රීතියක් දැනුණා.

හෝටල් කාමරයට ගිය සැණින් මනාලිය වැළඳගත් මනාලයා උතුරන සතුටෙන් “අද ඉඳලා මගේ ජීවිතේ හිරුත් ඔයා සඳුත් ඔයා තරුත් ඔයා” යනුවෙන් පැවසුවා.

මේ පවසන්නේ හිරු, සඳු, තරු ගැන නොව මනාලයා මීට පෙර යාළු වී සිටි ගැහැනු ළමයින්ගේ නම් යැයි වරදවා තේරුම් ගත් මනාලිය “මගේ මහත්තයා මට අවංක වුණා වගේම මමත් වෙන්න ඕනෑ” යැයි සිතූ මනාලිය මෙසේ කීවා.

“ඇයි අනේ ඔයාට විතරක් අද ඉඳලා මගේ ජීවිතේ සරතුත් ඔයා, පියලු‍ත් ඔයා කමලු‍ත් ඔයා.” ක්ෂණයෙන් මනාලයාගෙන් මනාලියට කම්මුල් පහරක් හිමි වුණා.

“තමුසෙ නටන්න ඕනෑ හැම නාඩගමක්ම නටලා අන්තිමට මාවත් රැවට්ටුවා, තමුසේ මහ ජරා කෙල්ලෙක්. මීට කලින් කී දෙනෙක් එක්ක රූම් ගියාද ? තමුසෙ වගේ ගෑනියෙක් මට එපා, දැන්ම අම්මලට කතා කරලා තමුසෙගෙ ගෙදරට යනවා.”

අවසානයේ මනාලයාගේ කෝපය හමුවේ මනාලිය තුවාය පිටින්ම නිවසට ගොස් ඇත.

යනුවෙන් පැවසූ මනාලයා වෙනත් කාමරයක් කුලියට ගෙන එහි නිදා ගැනීමට ගියා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads