Type Here to Get Search Results !

‘වාචාල ගොං තඩියා’ ප්‍රසන්න උදයංගට අමු සිංහලෙන් අමතයි..


 ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප‍්‍රසන්න රණතුංග මහතා සහ රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබෙන බව මව්බිම පුවත්පත වාර්තා කරයි.


නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව සිදුව ඇතැයි කියන එම සංවාදය වාර්තාකර ඇත්තේ මෙසේය.


“මෙයා තමයි මහින්ද මහත්තයට කෙළවන්නේ. මයික් දැක්කම වාචාලකමට කියවන ගොං තඩියා” කියමින් ප්‍රසන්න උදයංගට ‍ෙදාස් පවරන්නට විය.


වටපිටාවේ සිටි ඇමැතිවරු සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව බලා සිටියහ. ඒ උදයංගගේ සමීප ඥාතිවර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මෙන්ම බැසිල්ද පොහොට්ටු කාර්යාලයේ සිටි බැවිනි.


“අපි පොහොට්ටුව හදන කොට මුං ලංකාවෙත් නෑ. මිග් යානා ගනුදෙනු නිසා එළියට එන්න බයේ හැංගිලා හිටියේ. අපි පොහොට්ටුව හැදුව නිසා තමයි මුං එළියට ආවේ. එහෙම එවුන් අපිට දේශපාලනය කරන හැටි උගන්වන්න එනවා” ප්‍රසන්න තරමක තරහක් පෙන්වමින් කීවේය.


“සමාවෙන්න ඇමැතිතුමා” උදයංග අසරණ ලීලාවෙන් කීය. “උඹ සමාව ඉල්ලන්න ඕනා මගෙන් නෙවෙයි අර ඇතුළේ ඉන්න මහින්ද මහත්තයාගෙන්. උඹේ ඔය වාචාල කට නිසා පාරෙ බැහැල යන්න බැරි වෙන්නෙ රත්තරන් මනුස්සයට. උඹ උඹේ ඕනෑ තැනක දේශපාලනය කර ගනින්. හැබැයි පොහොට්ටුවට ඇඟිලි ගහන්න එන්න එපා. ඒක අපි බලා ගන්නම්” ප්‍රසන්න දිගට හරහට කියාගෙන ගියේය.


“එන්න සර්, අපි යමු කියමින් රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර රණතුංග ඇමැතිවරයාගේ අතින් ඇද්දේය.


“මම හිටියෙ මූව මුලිච්චි වෙනකන්. මතක තියා ගනින් උඹ වගේ කම්බ හොරුන්ට මෙහෙ චාන්ස් නෑ” කියමින් ප්‍රසන්න සිය මෝටර් රථයට ගොඩවී යන්නට ගියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads