Type Here to Get Search Results !

ලංගම පඩි ගෙවන්න සල්ලි නෑ.. උපයාගෙන කන්න කියයි.. භාණ්ඩාගාරයෙන් සල්ලි නොදේ..


 රට පුරා පිහිටි ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හැත්තෑවක මාස ගණනක සිට සේවකයන්ගේ මාසික වැටුප නිසි පරිදි ගෙවා නොමැති බව වාර්තා වෙයි.


ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ඩිපෝ 107ක් රට පුරා පිහිටා තිබේ.


සේවක වෘත්තිය සමිති සඳහන් කරන්නේ ලංගම සඳහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ප්‍රතිපාදන අවම කිරීම හා ලගම ආදායම් වලින්ම පඩි ගෙවීමට සිදුව තිබීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.


ඇතැම් ඩිපෝ ප්‍රධානීන් සිදු කරන අයථා ගනුදෙනු හා ආක්‍රමිකතා නිසාද ආදායම් අඩුවන බවත් මේ මේ හේතුවෙන් මණ්ඩලය වේගයෙන් කඩා වැටෙන ආයතනයක් බවට පත් වී තිබෙන බවත් වෘත්තිය සමති කියති.


මණ්ඩලය සතු බස් රථ හාරදහස් හත්සීයක් දෛනිකව ධාවනය අත වන අතර දිනකට ඉන් මණ්ඩලයට ලැබෙන ආදායම මිලියන  80ක්  පමණ  වෙයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads