රට තුළ ඇතිවී තිබෙන ප්රචණ්ඩ ක්‍රියා හා විරෝධතා පාලනය කිරීම සඳහා බංග්ලා දේශය පුරාම ඇඳට නීතිය පනවා තිබේ.
ඩකා අගනුවර කේන්ද්‍ර කරගෙන සති දෙකකට පමණ කාලයක් තිස්සේ සිදුවමින් ඇති විරෝධතා මර්ධනයට රජය විසින් ගන්නා ලද පියවරයන් හමුවේ මේ වන විට පනහකට වැඩි පුද්ගලයන් පිරිසක් මිය ගොස් දහසකට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
පාසල් හා විශ්ව විද්‍යාල පද්ධතියද වසා දැමිට රජය කටයුතු කර ඇති අතර අන්තර්ජාල සබඳතා සහ දුරකථන සබන්තා ද අවහිර කර තිබේ.
කලහකාරීන් විසින් රජයේ රූපවාහිනී ආයතන මූලස්ථානයට ගිනි තබා ඇති අතර දැනටවත් රට තුළ සියලුම රූපවාහිනී ප්රවෘත්ති නාලිකා විකාශනය කිරීම අත්හිටුවා තිබේ.
විරෝධතාවන් පැවැත්වෙන්නේ එරට නිදහස් සටනේ වීරයන් ලෙස සලකන පවුල්වල දරුවන්ට රජයේ රැකියා වලින් සියයට තිහක කෝටාවක් වෙන් කිරීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරමිනි.