Type Here to Get Search Results !

නාම යෝජනා දුන්දාම විජේදාස මෛත‍්‍රී දීගය බිදී යයි..



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන බලවේග පක්ෂයට සහයෝගය ලබාදීමට සූදානමක් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි.


ඒ මහතා සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා එවන් තීන්දුවක් ගතහොත් හොඳ බවයි.


ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය විසින් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.


විජේදාස රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව ජනාධිපතිවරණයට තරග වැදීමට අමාත්‍ය ධුරයද අතහැර වෙනම දේශපාලන ගමනක් ආරම්භ කළ අතර මාසයක් යන්න පෙරාතුව ඔවුන් අතර විරසකයක් මේ ආකාරයට ඇති වී තිබේ.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads