Type Here to Get Search Results !

පොහොට්ටුවේ තවත් දිස්ත‍්‍රික්ක පෙරලේ.. සාගර පන්නන්න යෝජනා සම්මතයි..


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් ධුරය සඳහා සාගර කාරියවසම් මහතා කිසිසේත්ම නොගැලපෙන බවට අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.


එනිසා එම ධුරය සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත් කළ යුතු බවට ඔහු යෝජනා කළේය.


එම යෝජනාව මාතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් බලමණ්ඩලය විසින් සම්මත කරන ලදී.


එමෙන්ම පක්‍ෂය සදහා නව නිලධාරී මණ්ඩරයක්ද පත් කර ගත යුතු බවද එම දිස්ත්‍රික් බල මණ්ඩලයේදී සම්මත කරගෙන තිබේ.


ඉදිරි ජනාධිපතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණේ සම්පූර්ණ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම සඳහාද එහිදී යෝජනා සම්මත විය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads