Type Here to Get Search Results !

‘රට අනුරට’ ගන්න මහ ගල්කොරියන්ට භෝජන සංග‍්‍රහයක්.. මැ.කො. පැන තහනම් කරයි..

 

මෙරට විවිධ ප්‍රදේශවල සිටින මහා පරිමාණ ගල්කොරි ව්‍යාපාරිකයන් පිරිසක් එකතු වී මහනුවර තරු හෝටලයක ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු නායකයන් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡාවක් පවත්වන අතරතුර ඔවුන්ට දිවා ආහාරය ලබාදීමට සැලසුම් කොට තිබියදී එය වැළැක්වීමට මහනුවර මැතිවරණ කාර්යාලයේ නිරීක්ෂණ නිලධාරීන් පිරිසක් කටයුතු කොට තිබේ.


මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් එම ස්ථානයට කඩා පනින අවස්ථා වේදී මෙරට මහා පරිමාණ ගල්කොරි ව්‍යාපාරිකයන් 25 දෙනෙකු පමණ වීම ස්ථානයේ සිට ඇති අතර, මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මේ ආකාරයෙන් සංග්‍රහ පැවැත්වීම වරදක් බව ජාතික ජාතික ජන බලවේගයේ නියෝජිතයන්ට සහ හෝටල් කළමනාකාර්ශ්වයට දැනුම් දීමට මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් පියවර ගෙන තිබේ.


පැමිණි පිරිසට දිවා ආහාරය බුෆේ ක්‍රමයට සූදානම් කොට තිබී ඇති අතර, හෝටලයේ නවාතැන් ගෙන සිටි පිරිස් සහ විදේශිකයන්ද විශාල ප්‍රමාණයක් ආහාර ලබා ගැනීමට සිටි බැවින් ආහාර වලට සිල් තැබීමට මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් පියවර ගෙන නොතිබුණි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads