Type Here to Get Search Results !

ජනාධිපතිට හෙලිකොප්ටර්, පරිවාර ගිලන් රථ නීතියක්.. එය කඩ කල නොහැකියි..


 ජනරජයේ මුල් පුරවැසියා වන විධායක ජනාධිපතිවරයා සඳහා ව්‍යවස්ථානුකූලව වෙන් වූ ආරක්ෂක වැඩපිළිවෙළක් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්යය විශාකා සූරියබණ්ඩාර මහත්මිය සඳහන් කරයි.


නිත්‍යානුකූලව එය වෙනස් කරන තෙක් පවතින වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවද ඇය සඳහන් කරන්නීය.


ජනාධිපතිවරයාගේ ගමන් බිමන් යන ආකාරය සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ සින් බවත් එහිදී හෙලිකොප්රට, පරිවාර ගිලන් රථ ඇතුළු සියලු දේ අවස්ථානුකූලව තීරණය කරනු ලබන්නේ ඔවුන් විසින් බවත් ඇය සඳහන් කරන්නේය.


නමුත් ව්‍යවස්ථාව වෙනස් කර අදාළ සංශෝධන ඇතුලත් කළහොත් ඒවා වෙනස් කිරීමේ හැකියාවක් ඇති බවද ඇය පෙන්වා දෙන්නේය.


එසේ නැතිව එය වෙනස් කිරීම විධායකයේ ආරක්ෂාය භාර අංශ ප්‍රධානීන්ගේ වගකීමක් පැහැර හැරීමක් සේ සැලකෙනු ඇති බවද ඇය සඳහන් කලාය.


දෙරණ රූපවාහිනී නාලිකාව සමග වැඩසටහනකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කරන ලදී.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads