Type Here to Get Search Results !

ණය ගැනීම අපරාධයක් නොවෙයි..- නලින්ද


 ණය ගැනීම අපරාධයක් නොවන බවත් අපරාධයක් වන්නේ එම ණය වියදම් කරන ආකාරය අනුව බවත් ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.


දෙරණ නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.


“අපිට ණය ගෙවා ගත හැකි මට්ටමට දේශීය හා විදේශීය ණය අපි කොහොම ද කළමනකරණය කරගන්නේ කියන එක නේද ? ණය අපරාධයක් නොවෙන්නේ එතකොට. දැන් අපි ණය ගැනීම කරන්නේ, පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද සීමාවට යටත්ව. ඔක්කෝම කරලා තියෙන්නේ ඒ සීමාවට යටත්ව. ඉදිරි පාර්ලිමේන්තුවේ දී ඒක අඩු කරගන්න ඒ පාර්ලිමේන්තුව කටයුතු කරයි. අපි කියන්නේ ඒ විවේචනය හරියට ඒ ප්‍රමාණයට කරන්න


දැන් රනිල්ගේ විවේචනය බලන්නකෝ… ඔහු මාර රාජ්‍ය තාන්ත්‍රිකයා, අවුරුදු 47ක් පාර්ලිමේන්තු හිටියා ඔක්කෝම දන්න කෙනානේ. ඔහුගේ විවේචනයේ තියෙන සාහසිකභාවය සහ අපි ඒ කාලයේ කළ විවේචනය ගත්තහම උදාහරණයක් විදියට මේ අය කියනවා ණය ගන්න එක වැරදියි. අපි කිව්වා ණය ගන්නේ නෑ කියලා. අපේ නායක අනුර සහෝදරයා බොහෝම පැහැදිලිව කිව්ව දෙයක් තමා ණය ගැනීම නෙමෙයි අපරාධය අපි කොහොමද ණය වියදම් කරන්නේ කියන එකයි. ඒක තමා ප්‍රශ්නය.


IMF එකට විරුද්ධව කතා කරන එක තමා ඒ වෙලාවේ අපිට උඩට එන්න පුළුවන් වුණ මාතෘකාව වුණේ. හැබැයි අපි කොහොම ද කිව්වේ, අපේ තිබුණේම ණය කළමනාකරණය කරගැනීමේ දී IMF සහාය ලබාගන්න අපි සුදානම්. අපි හිටියේ IMF එළවා දැමීමේ තැනක නෙමෙයි. එතැනින් අනුමත කරන්න බෑනේ රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව කරපු සියලු දේ අනුමත කරන්න ඕනේ කියන තැනක”

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads