Type Here to Get Search Results !

මන්ත‍්‍රීවරයෙක් කෑගල්ලේදි අත් පා බැද ඝාතනය කරයි..


 කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ඔහුගේ නිවසේදී ඝාතනය කර ඇත.


කෑගල්ල කොස්පින්න ප්‍රදේශයේ ඔහුගේ නිවසේ ඇඳක් මත අත්පා ගැටගසා මෙසේ ඝාතනය කර ඇත්තේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකි.


ඔහු වයස අවුරුදු හැත්තෑ පහක් වූ අයෙක් වන අතර මේ වන විට එම මෘත ශරීරය කෑගල්ල රෝහලේ තැන්පත් කර තිබේ.


නිවසට ඇතුළු ඝාතකයන් ඔහුගේ බිරිඳගේ කට ගැට ගසා වසා අල්මාරිය විවෘත කර තිබූ බවද පවසන පොලිසිය සැකකරුවන් විසින් පහර දීමෙන් එම කාන්තාවද තුවාල ලබා රෝහල්ගත කර ඇතැයිද කියයි.


සැකකරුවන් විසින් සොරකම් කරන ලද මෝටර් රථය අතරමග දමා තිබියදි සොයාගෙන තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads