රට පුරා බොහෝ ප්‍රදේශයන්හි කැකුළු සහල් සහ පොල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.
මේ වන විට දේශීය කැකුළු සහල් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 300 සිට 330 දක්වා වූ මිල ඉහල ගණන් අතරයි.
අනෙකුත් දේශීය සහල් වර්ග මෙන්ම ආනයනික සහල් වර්ගද අලෙවි වෙමින් ඇත්තේ සම්මත පාලන මිල ඉක්මවාය.
සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 200ක් දක්වා මිල ඉහල නැග ඇති අතර තරමක් ලොකු පොල් ගෙඩියක් 250 දක්වා ඉහල ගොස් ඇත.