හාල් හිඟය සම්බන්ධයෙන් විධිමත් වැඩසටහනක් රජය ක්‍රියාත්මක නොකළොත් ඉදිරියේදී නාඩු හාල් කිලෝවක් රුපියල් 330 -350 දක්වා ඉහල යනු ඇතැයි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ. බී. ගුණරත්න බණ්ඩාර මහතා බවසයි.
දැනට පවතින රතු කැකුළු සහල් හිඟය ලබන සැප්තැම්බර් මාසය දක්වා පැවැතිය හැකි බවද ඔහු කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.
“දැන් නැවත රතු කැකුළු වී වගා කරන්නත් කාලයක් නෑ. මෙහෙම ගියොත් මේ හාල් හිඟය ලබන අගෝස්තු සැප්තැම්බර් වගේ වෙනකල් තියෙනවා.
දැන් රජය හාල් ආනයනය කරන එකත් නවත්තන්න හදනවා. රජයෙන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙනාවත් ඒවා මේ රටේ ජනතාවගේ දවස් 10 ක් 11 ක් වගේ පාරිභෝජනයට ඇති වෙනවා.
මේ හාල් හිඟය සම්බන්ධයෙන් විධිමත් වැඩසටහනක් රජය ක්‍රියාත්මක නොකළොත් ඉදිරියේදී නාඩු හාල් කිලෝවක් රුපියල් 330 -350 ක් අතර මිල ඉහළ යනවා, සම්බා හාල් 380 -400 ක් වශයෙන් ඉහළ යනවා. කීරි සම්බා මිල 450 න් ඉහළ යනවා. රතු හාල් හොයාගන්නවත් නැති වෙනවා”