Type Here to Get Search Results !

අධිකරණට එන සියල්ලන් දැඩි පරීක්‍ෂාවට.. අලුත්කඩේ දීර්ඝ පෝලිම්..


 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ සංකීර්ණවල ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කළ බව අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර් සංජීව ප්‍රනාන්දු මහතා පැවැසීය.


ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට ඇතුළුවන සියලුම නීතිඥවරුන් සහ පුද්ගලයන් පිවිසුමේ සවිකර ඇති විශේෂ පරීක්ෂණ යන්ත්‍රය (ස්කෑන් යන්ත්‍රය) හරහා ගමන් කිරීම ඉතා වැදගත් බව විශේෂ රැස්වීමේ දී අවධාරණය වූ අතර අධිකරණ සංකීර්ණයට පැමිණෙන සියලුම නීතිඥවරුන් සහ පුද්ගලයන් දැඩි පරීක්ෂාවට ලක්කිරීමටද එම රැස්වීමේ දී තීරණය කෙරිණි.


අධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව සඳහා ගතයුතු ඉදිරි පියවර පිළිබඳ පොලිස්පතිවරයා දැනුවත් කර අවශ්‍ය කටයුතු කිරීමට ද රැස්වීමේදී එකගතාව පළවී ඇති අතර, අධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව සඳහා ගන්නා පියවර සඳහා අවශ්‍ය සියලු සහය දීමට නීතීඥ සංගමය නියෝජනය කරමින් පැමිණි නීතීඥවරු එකඟතාව පළ කර ඇත.


අධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව සඳහා ගන්නා පියවර සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස අභියාචනාධිකරණ ලේඛකාධිකාරි සංජීව ප්‍රනාන්දු මහතා සියලුම නීතිඥවරුන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.


මේ හේතුවෙන් ඊයේ සහ අද දෙදෙන තුළම අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළුවීමේදී ඉතා දීර්ඝ පෝලිම් දක්නට ලැබින. ඒ එම පරිශ්‍රයට ඇතුළු වන සියලුම දෙනා දැඩි ශරීර පරීක්ෂාව ඇතුළු කර ගැනීම හේතුවෙනි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads