Type Here to Get Search Results !

අලුත්කඩේ ඝාතනයට පහක් අත්අඩංගුවට..


 19 වන දින උදෑසන කාලයේ අළුත්කඩේ අංක මහේස්ත්‍රාත් අධිකරණයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විර්මශන ආරම්භ කර ඇත.


ඒ අනුව මේ වන විට අපරාධයට සම්බන්ධ පහත සඳහන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


01. සමිදු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි. (වෙඩික්කරු)

වයස අවුරුදු – 27,

ලිපිනය -අංක 202/1/ඒ, දඹහේන පාර, මහරගම.


02. කරනන්චාරගේ මහේෂ් සම්පත් ප්‍රියර්දශන (වෑන් රථයේ රියදුරු)

වයස අවුරුදු – 44

ලිපිනය – අංක 494/ඒ/01/03, ගොඩැල්ලහේන, මිල්ලෑව


03. ඇතුගලගේ ළහිරු ප්‍රසන්න ඇතුගල ( වෙඩික්කරු සමඟ පැමිණි කාන්තාව සමඟ සම්බන්ධතා පැවැත්වීම)

වයස අවුරුදු – 26

පොලිස් කොස්තාපල් 102216 – මීගමුව කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශය. ලිපිනය – වේපත් අංග, පාදෙණිය.


04. කුමසරලාගේ දොන් ජනක උදය කුමාර (කාර් රථයේ රියදුරු, වෙඩික්කරු රැගෙන ඒම හා අවි ආයුධ ලබා දීම)

වයස – අවුරුදු 43,

ලිපිනය – අංක 74, තම්මිට, මාකවිට, ගම්පහ.


05. සෙන්කොන්ඩ ආරච්චිගේ හසිත රොෂාන් (වෙඩික්කරු පලා යාමට භාවිතා කරන ලද වෑන් රථය මොහු සන්තකයේ තිබී ඇත. මෙම වෑන් රථයේ චැසි අංකය, එංජින් අංකය හා වෑන් රථයේ අංක තහඩු ව්‍යාජ බවට තහවුරු වීම)

වයස අවුරුදු – 37

පොලිස් කොස්තාපල් 84855, අතුරුගිරිය පොලිස් ස්ථානය.

ලිපිනය – 681/2, කුලසෙවණ පාර, කොට්ටාව, පන්නිපිටිය.


සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads