කොළඹ අලුත් කඩේ උසාවි සංකීර්ණයේදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කල වෙඩිකරු මේ දක්වා සොයා ගැනීමට පොලිසියට හැකිවී නැත.
අද පෙරවරුවේ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළ සිදුකල වෙඩි තැබීමෙන් අනතුරුව එම වෙඩික්කරු සොයා පොලිසිය අධිකරණ සංකීර්ණය තුළ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
නමුත් මේ දක්වා ඔහු සොයා ගැනීමට හැකිවේ නැත.
පොලිසිය සඳහන් කරන්නේ නීතිඥයකු ලෙස සැරසී පැමිණි පුද්ගලයෙකු විසින් විත්ති කූඩුව තුළ සිටි ගනේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කරන ලද බවය.