Type Here to Get Search Results !

කෙහෙල්බද්දර පද්මේගේ දෙන්නෙක්ට ගනේමුල්ල සංජීව පාර්ශවයෙන් වෙඩි..


 ගම්පහ, අකරවිට ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.


ඊයේ (08) සවස 6.45ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.


යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදි අමතරකොටස් අලෙවිසැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර එම වෙඩිතැබීම සිදුකර ඇත.


වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.


වෙඩිතැබීමේන් තුවාල ලබා ඇත්තේ, 36 හැවිරිදි චාමර නදි සදරැවන් නැමැති යතුරුපැදි අලෙවිසැලේ හිමිකරු සහ 30 හැවිරිදි අසිත දේවින්ද නැමැති යතුරුපැදි අලෙවිසැලේ සහයකයාය. 


මෙම යතුරපැදි අලෙවිසැලේ හිමිකරු සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ යන අයගේ සබඳතාවය මත මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පුද්ගලයකු බව වාර්තා වෙයි.


ඔහුට ගණේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සිදු කරනු ලබන තම්මිට සුමිත් නමැත්තා විසින් එම ව්‍යාපාරය නතර කරන ලෙස තර්ජනය කර ඇති බව සඳහන්ය.


ඒ හේතුව මත මෙම වැඩිතැබීම තම්මිට සුමිත් නමැත්තා විසින් මෙහෙයවා සිදුකර ඇති බවට වාර්තා වේ.


මෙම වෙඩිතැබීම 9mm වර්ගයේ ගිනිඅවියකින් සිදුකර ඇත.


සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads