Type Here to Get Search Results !

ඉන්ධන අවුල ගැන තෙල් ඇමති සද්ද නෑ.. මාධ්‍ය ඔහු සොයයි..


 ඛනිජතෙල් බෙදුම්කරුවන් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතිවී අතර ඇතිවී තිබෙන ගැටළුව තවදුරටත් ඳී යමින් පවතී.


මේ සම්බන්ධයෙන් අවස්ථා කීපයකදීම රජයේ පාර්ශ්වයෙන් සිය ස්ථාවරය පැහැදිලි කළ ද බලශක්ති අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සැලකිය යුතු අදහස් දැක්වීමක් සිදුකර නැත.


ප්‍රධාන පෙළේ මාධ්‍ය නාලිකා ගණනාවක් ඔහු මේ සම්බන්ධයෙන් සම්බන්ධ කරගෙන උත්සාහ කළත් එම අවස්ථා සාර්ථක නොවූ බව සඳහන් කරති.


තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සමග ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම වැඩි වශයෙන් සිදුකර ඇත්තේ තෙල් සංස්ථාවේ සභාපතිවරයා විසිනි.


ඊට අමතරව කැබිනට ප‍්‍රකාශක නලින්ද ජයතිස්ස මෙන්ම අදාළ විෂයෙන් පරිබාහර අැමතිවරුන් කිහිප දෙනෙකුද අදහස් පලකර ඇතත් මෙතෙක් විෂය භාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් නිල පැහැදිලි කිරීමක් සිදුකර නැත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads