ඊයේ රාත්‍රී කාලයේ මාතර බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය හා විශේෂ කාර්ය බළකායත් යුද හමුදාවත් මැදිහත් වී තිබේ.
අද අලුයම එකට පමණ ආරක්ෂක අංශ විසින් යළිත් වතාවක් අහසට වෙඩි තබා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද බන්ධනාගාරයට එල්ල කර තිබේ.
රැුඳවියන් එල්ල කළ ප්‍රහාරයෙක් ප්‍රහාරවලින් බන්ධනාගාර නිලධාරින් කිහිප දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇත.
ඇති වූ තත්ත්වය මත එහි සිටි කාන්තා රැඳවියන් විසි පස්දෙනෙකු අඟුණුකොලපලැස්ස බන්ධනාගාරයට මාරු කර යවා තිබේ.
මෙම ගැටුම ඇතිවී තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ රැඳවියකු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම හේතුවෙන් සිර මැදිරියක් කඩාගෙන රැඳවියෙන් පන්සියයකට වැඩි පිරිසක් පිටතට පැමිණීමත් සමගයි.
එම නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව පොලීසිය පවසයි.