Type Here to Get Search Results !

ඩෑන් ප‍්‍රියසාද් මිය යන්නට පෙර මෝචරියට ගිහින් දාලා..?


 සමාජ ක්‍රියාකාරී ඩෑන් ප‍්‍රියසාද් වෙඩි තැබීමකට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ පසු ඔහු මරණයට පත්වන්නට පෙර මෝචරියට ගෙන ගොස් දමා ඇති බවට සමාජ ජාලාවල චෝදනා එල්ල වෙයි.


ඒ එම මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය අනුවයි.


ඊයේ රාත්‍රී දහයයි තිස්පහට පොලිසිය නිකුත් කරන ලද නිවේදනයේ දැක්වූයේ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඩෑන් ප්‍රියසාත් මියගොස් ඇති බවත් ඔහුගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත්ය.


නමුත් ඊට පස්සේ විනාඩි පහළොවකට පමණ පසු නැවතත් නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය කියා සිටියේ ඩෑන් ප්‍රියසාත් මරණයට පත්වී නැති බවත් ඔහු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්ය.


කෙසේ වෙතත් අද පෙරවරුවේ පොලිසිය විසින් යලි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප‍්‍රියසාත් මරණයට පත් වූ බවය.




Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads