සිරි දළදා වන්දනාවට සහභාගි වීම සඳහා බැතිමතුන් වෙනුවෙන් පවත්වාගෙන ගිය විශේෂ දුම්රිය සේවාව අද දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු නතර කිරීමට පියවර ගෙන තිබේ.
කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක වූ මෙම දුම්රිය සේවාව පොලිසියේ ඉල්ලීම මත නතර කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එළැඹෙන 28 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට මෙම දුම්රිය සේවාව කලින් සැලසුම් කර තිබුණෙක් මහනුවර නගරයට බලාපොරොත්තු වූවට වඩා වැඩි බැතිමතුන් පිරිසක් පැමිණීම මත මෙම පියවර ගෙන ඇත.
පොලිසියෙන් දැනුම් දී ඇත්තේ අද සහ හෙට දෙදින තුළ අලුත් වන්දනාකරුවන් කිසිවකු පෝලිම් සඳහා එක් නොවන ලෙසය.