සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ හැටන් ප්‍රදේශයේ ලිට්රෝ ගෑස් නොමැති වීමෙන් පාරිභෝගිකයන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.
ලිට්රෝ ගෑස් සමාගම විසින් ඉල්ලුමට සරිලන ගෑස් තොග පසුගිය දින කිහිපය තුළ නිකුත් නොකල බව ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයන් කියා සිටියි.
දැනට දින දෙකකට ප්‍රථම සීමිත ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් නිකුත් කලත් අලුත් අවුරුද්ද නිමිත්තෙන් සමාගම විසින් හැටන් ප්‍රදේශයට ලිට්රෝ සමාගම විසින් ගෑස් තොග බෙදා හැරීම් සිදු නොකල බවත් ඔවුන් කියති.
– රංජිත් රාජපක්ෂ