Type Here to Get Search Results !

රට පුරා විදුලිය ඇණහිටීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. ලංවිම හදිසි දැනුම් දීමක්..

පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සූර්ය බල ශක්තිය තාවකාලිකව නවතා දමා සහාය වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටී


2025 අප්‍රේල් 13 වන දින සිට අප්‍රේල් 21 වන දින තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය දිවයින පුරා සිටින වහල මත සූර්ය පැනල සවි කර ඇති බල ශක්තිය හිමියන්ගෙන් ගෞරවනීය ඉල්ලීමක් කරයි.


අවුරුදු සමය තුල විදුලි ඉල්ලුම අවම මට්ටමට පහත වැටී ඇති අතර මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යතාවයකින් යුතු පුර්නජනනීය බල ශක්ති දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ආතතියක් ඇති කරනු ලබයි.


එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතියේ අවස්ථිතිය තියුණු ලෙස ලෙස පහත වැටී වැටී ඇති අතර එය ඉතා සුළු උච්ඡා වචනයකදී පවා අර්ධ වශයෙන් ඇනහිටීම් හෝ රට පුරා විදුලිය විසන්ධි වීමක් ඇති කළ හැකි මට්ටමකට පැමිණිමේ අවදානමක් පවතී.


එබැවින් මෙම තීරණාත්මක කාලය පරිච්ඡේදය තුළ ජාතික විදුලි බල ජාලයේ ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය පවත්වා ගැනීම සඳහා වහලය මත සවිකරන ලද සූරිය පැනල හිමියන්ගේ සහයෝගය ලංකා විදුලිබල මණ්ඩලය ගෞරවයෙන් අපේක්ෂා කරනු ලබයි



 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads