Type Here to Get Search Results !

මහින්දානන්දට වසර 20ක සිර දඬුවම්.. නලින් ප‍්‍රනාන්දුට වසර 25ක සිර දඬුවම්..


 හිටපු වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිර දඬුවම් සහ හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියම කර ඇත.


ඒ 2015 ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි එල්ල වූ චෝදනා වලට වරදකරු කරමිනි.


එවකට ඇමතිවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේත් සතොස සභාපති ලෙස නලින් ප‍්‍රනාන්දුත් කටයුතු කලේය.


ඔවුනට ඊට අමතරව දඩ මුදල්ද නියම කර ඇත.



2014 සැප්තැම්බර් මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් 2015 ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක‍්‍රීඩා සංගම් වලට බෙදා දී රජයට රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා හයක් යටතේ අල්ලස් කොමිසම විසින් නඩු පවරන ලද්දේ 2019 ජූනි 27 වැනිදාය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads