Type Here to Get Search Results !

මනෝ ගනේෂන්ගේ සහෝදරයාද එක්වෙයි.. මාලිමාව කොළඹ බලය පිහිටුවාගනී.. නගරාධිපති බල්තසාර්..

පළාත් පාලන ආයතනයක වැඩිම ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කළ කණ්ඩායම බලය පිහිටුවීම සඳහා වෙනත් පාර්ශවයක් සමඟ සාකච්ඡා කිරීමේ කිසිදු වරදක් නැතැයි අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.


ඒ සඳහා ඩීල් දැමීම ආදී ඕනෑම නමක් දැම්මාට ගැටළුවක් නැති බවත් හෙතෙම කියා සිටියි.


වැඩිම ආසන ගණන ජයග්‍රහණය කරන් නැති කණ්ඩායම් සියල්ල එකතුවී බලය පිහිටුවීමට දරන උත්සාහය යම් ආකාරයකට ප්‍රජාතන්ත්‍ර විරෝධී හැඩයක් පෙනෙන බවද ඒ මහතා පැවසුවේය.


මේ වන විටත් කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් නිල නොවන මට්ටමෙන් පිහිටුවා අවසන් බවද පැවසූ ඔහු නිල වශයෙන් එය ප්‍රකාශයට පත් කිරීම පමණක් ඉතිරි වී ඇතැයිද කියා සිටියි.


කොළඹ නගර සභාවේ නගරාධිපති ලෙස ව‍්‍රායි බල්තසාර් මහත්මිය මේ වන විටත් නම් කර අවසන් බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.



උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.


මේ අතර කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහාය ලබාදීමට තැපැල් පෙට්ටිය ලකුණින් තරගකළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තීරණය කර ඇත.



පක්ෂ නායක ප්‍රභා ගනේෂන් මහතා පැවසුවේ එම පක්ෂයේ විධායක සභාව මෙම තීරණය ගත් බවය.


එමෙන්ම ස්වාධීනව තරග කල කණ්ඩායම්ද ජාතික ජන බලවේගයට සහාය දීමට තීරණය කර ඇත.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads