Type Here to Get Search Results !

කාලගුණේ හොද නෑ.. ලුණු නැවු පරක්කු වෙනවා..- රජය දන්වයි..


 ඉන්දියාවෙන් ඇණැවුම් කරන ලද ලුණු තොග මෙරටට පැමිණීමට දින කිහිපයක් ප්‍රමාද වීමේ ඉඩක් පවතින බව ජාතික ලුණු සමාගම සඳහන් කරයි.


ඊට හේතු වී ඇත්තේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය බවද සමාගම පෙන්වා දෙයි.


ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලුණු තොගයක් ඊයේ රත‍්‍රියේ මෙරටට පැමිණීමට නියමිත තිබුණත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඒවා මෙරටට පැමිණ නැත.


කෙසේ වෙතත් අයහපත් කාලගුණ තත්ත්වය පහව යාමෙන් පසු ලුණු සැපයුම සාමාන්‍ය පරිදි සිදු වනු ඇති බවද ලුණු සමාගම ජනතාවට දැනුම් දෙයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads