Type Here to Get Search Results !

සජිත් ටික ටික තනිවෙයි.. බන්දුලාල් ඉල්ලා අස්වේ.. රෝහිණීත් වැටඋඩ..


 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සමගි ජන බලවේග ගාල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.


ඔහු සඳහන් කරන්නේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කරන ලද ලයිස්තු මන්ත්‍රීවරු නම් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයන් මත තමන් මෙම පියවර ගත් බවයි.


මේ අතර සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහණී කවිරත්න මහත්මිය සඳහන් කරන්නේ පක්ෂයේ ඇතැම් තීරණ සම්බන්ධයෙන් තමන් කළකිරීමෙන් පසුවන බවයි.


පළාත් පාලන මැතිවරණයේ ලයිස්තු මන්ත‍්‍රීවරුන් නම් කිරීමේදී පෙර එකගතාවන් කඩවී ඇතැයිද ඇය චෝදනා කරන්නීය.


මෙම තත්ත්වය මත බොහෝ සංවිධායකයන්ට පාක්ෂිකයන්ට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවද ඇය කියා සිටියාය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads